ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් පවත්වා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් තබමින් මේ ගැන සඳහන් කර තිබේ.
ඒ අනුව එම දුරකථන සංවාදයෙන් ද්විපාර්ශික සහ බහු පාර්ශ්වික සහයෝගීතාවයට අදාළ කරුණු සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කර ගෙන ඇත.
මීට අමතරව COVID19 වයිරස වසංගත තත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් ද දෙරට නායකයින් සාකච්ඡා කර තිබේ.