මෙරට විවිධ ප්‍රදේශවල රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වනවිට භූමදානය කර අවසන්ය. ඒ අනුව කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබී ඇති බව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක මෙම කොවිඩ් දේහ භූමදාන කටයුතු සිදු කෙරේ. එමෙන්ම කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 102 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 281කි. මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 87,600ක් දක්වා ඉහළගොස් තිබේ. සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 84,253කි.