ඉතාලිය නැවතත් ලොක්ඩවුන්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය සති හය තුළ අඛණ්ඩව ඉහළ ගියේ දෛනික ආසාදිත සංඛ්‍යාව විසිපන්දහස ඉක්මවා වාර්තා වෙමිනි.

ඒ අනුව නව කොරෝනා රැල්ලක් පැන නැගීමත් සමඟ ඉතාලිය නැවතත් වසා දැමීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය පවසයි.

ඒ අනුව ඉතාලිය පුරා කඩසාප්පු, අවන්හල්, කාර්යාල සහ පාසල් ලබන සදුදා සිට වසා දැමීමට තීරණය කළ බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා පවසා ඇති අතර නව සීමාවන් පාස්කු සමය අවසන් වන තුරු ක්‍රියාත්මක බවද සදහන්.

තත්ත්වය වඩාත් අයහපත් මට්ටමකට යොමුවීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.