අන්තවාදී ක්‍රියාකාරකම් වලට පියවර රැසක්

බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තමන් ඊයේ දිනයේදී අත්සන් තැබූ බවත් එමෙන්ම රට තුල ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් දහසකට අධික සංඛ්‍යාවක් ඇති බැවින් ඒවා නිසි නියාමනයක් නොවීම නිසා ඉදිරියේදී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේය.

ආගමික අන්තවාදීන් පිරිසක් විසින් පසුගිය සමයේදී මෙම බුර්කාව පැළදිය යුතු බවට වන සම්ප්‍රදාය ගෙනා බවත් මිට පෙර මුස්ලිම් කාන්තාවන් එවැනි බුර්කා පැළදීමක් සිදුනොකළ බවත් රටේ සෑම වයස අවුරුදු 5-16 ත් අතර දරුවෙකු ජාතික අධ්‍යපාන ක්‍රමයට අනුව අධ්‍යාපනය ලැබීය යුතු බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ආගමික අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින් පුනරුත්තාපනය කිරීම සඳහා නව රෙගුලාසී සහිත ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අදාළ නියෝග ලබා දී ඇත. එම නියෝගවලට අනුව දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත භාරවෙන හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් වසරකට නොඅඩු කාලයක් මධ්‍යස්ථානයක් තුළ පුනරුත්තාපනයට ලක් කිරීමට හැකියාව පවතී.

ඒ සඳහා නීතිපතිවරයා විසින් මහෙස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කර නියෝගයක් ලබාගත යුතු බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.