මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සිව් දින උතුරු සහ නැගෙනහිර සංචාරයක් ඇරඹීය. එතුමා පූජනීය තිරුකෙතීස්වරම් කෝවිලේ ශිව රාත්‍රී පූජාවට සහභාගී වීමෙන් අනතුරුව සිය සංචාරය ආරම්භ කළේය. කෝවිල වන්දනාමාන කිරීමෙන් අනතුරුව මහ කොමසාරිස්තුමා ඉන්දීය රජය විසින් කෝවිලේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමාලෝචනය කළේය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රුපියල් මිලියන 326ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක කරන ලදී.
එදිනම, සියවස් ගණනක් පුරා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන පාලමක් වන රාම්සේතුහි (ආදම්ගේ පාලම) සිට ද මහ කොමසාරිස්තුමා සිය ප්‍රාර්ථනා එක් කළේය.
එතුමා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා හා එක්ව මඩු දේවස්ථානයේ වන්දනාකරුවන් උදෙසා සංචාරක නිවාස ඒකක 144ක් සඳහා මුල්ගල තැබූ අතර එම අවස්ථාවට මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා සහ සෙල්වම් අඩෙයිකලනාදන්, කේ. කාදර් මස්තාන් සහ කුලසිංහම් දිලීපන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී විය. මෙම නිවාස ඒකක ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක පමණ ඉන්දීය ප්‍රදානයක් යටතේ ඉදි කෙරෙනු ඇත.
මහ කොමසාරිස්තුමා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය සහ පළාතේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ දිවා භෝජන සංග්‍රහයක් අතරතුර පැවති සාකච්ඡාවකට ද එක් විය. ඔව්හු අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ජලය සහ ධීවර යන ක්ෂේත්රයන්හි වඩා ශක්තිමත් සහයෝගිතාවයක් ඇති කරගැනීම පිළිබඳව පුළුල් සාකච්ඡාවන්හි නිරත වූහ.
යාපනයේ ඉන්දියානු කොන්සියුලර් ජනරාල් එස්. බාලචන්ද්‍රන් මැතිතුමා විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකටද මහ කොමසාරිස්තුමා සහභාගී විය. දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, සාමාජීය සහ සංස්කෘතික ක්ෂේත්රයන්හි විවිධ සම්භාවනීය අමුත්තන් සමඟ මහ කොමසාරිස්තුමා අදහස් හුවමාරු කර ගත්තේය. මෙම සාකච්ඡාවන්හිදි ඉන්දීය ආයෝජන සහ සහයෝගීතාවය ඉහළ නැංවීම තුළින් උතුරු පළාතේ සංවර්ධනය උදෙසා සහය ලබා දීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලදී. උතුරු සහ නැගෙනහිර පළාතේ ජීවනෝපාය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ කාර්මික සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඉන්දීය රජය සතුය.