නැවතත් කොවිඩ් නව ආසාදිතයින් හමුවේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තවත් පුද්ගලයින් 43 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ නව ආසාදතයින් 69 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ දී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 297 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් හය දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරේ ආශ්‍රිතයින් 236 දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

බන්ධනාගාර කොවිඩ් -19 පොකුරේ ආශ්‍රිතයින් 55 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 87,286ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 83,958 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 2,803 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.