සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත්වලින් බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයන් පස් දෙනෙකුට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද 2021.03.12 දින අරලියගහ මන්දිරයේ දී ජයග්‍රාහී මුදල් චෙක්පත් ප්රදානය කෙරිණි.
කෝටිපති කප්රුක 687 හා 689, ශනිදා 3507, 3543 සහ සංවර්ධන වාසනාව 411වන තරගවාරයන්හි ජයග්‍රාහකයන්ට මෙලෙස අග්‍රාමාත්‍යතුමා ජයග්‍රාහී චෙක්පත් පිරිනැමුවේය.
වංචාවල, පේරාදෙණිය ,ලුණුවිල, පුස්සැල්ලාව සහ කහවත්ත ප්‍රදේශවල ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් මෙලෙස පිරිනැමූ මුළු මුදල රුපියල් කෝටි 25කට අධිකය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.