දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇත. එමෙන්ම E484K යනුවෙන් හඳුන්වන විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ මෙම වෛරසය ආසාදනය වූ රෝගියා මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තාවී ඇති බවය.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සිව්දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථාන තුලින් හමුවී ඇත.
මිට අමතර යුරෝපයේ ව්‍යාප්ත වන B.1 වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු සහ බංග්ලාදේශය සහ යුරෝපයේ ව්‍යාප්ත වන B.1.1.103 වෛරස ප්‍රභේදය ආසාදනය වූ එක් රෝගියෙකු ද විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි ආසාදිතයින් ගෙන් හමුවී ඇත.
මෙ විකෘති කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලියානු ප්රභේදවල දක්නට ලැබෙන අතර කොවිඩ් මර්ධන එන්නත සඳහා මෙම විකෘති ප්‍රභේදය ගැටළුවක් වන බවත් මිට අමතරව වාද්දුව ප්‍රදේශයෙන් ලද සාම්පලයකින් යුරෝපයේ ව්‍යාප්ත වන B.1.428 යනුවෙන් හඳුන්වන ලබන වෛරස ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ද සිටින බවයි ආචාර්ය චන්දිම ජිවන්දර පවසයි.