ඉදිරි මැතිවරණයෙන් ආණ්ඩුවේ ෆේල් වීම් බලා ගන්න පුළුවන්

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී සමඟි ජනබලවේගය සමඟ එකතු වී ජය තහවුරු කිසිම සදහා එකතු වෙන්න එක් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එළෙඹෙන පළාත්සභා මැතිවරණය ගැන කලම්බෝ ගැසට් වෙත අදහස් දක්වමින් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ මෙම මැතිවරණයෙන් ජනතාවට ආණ්ඩුව කෙතරම් එපා වී ද යන්න පෙන්නුම් කෙරෙණු ඇති බවය.

එම නිසා සමඟි ජන බලවේගය පක්ෂ නියෝජනය කරමින් පළාත් සභා මැතිවරණයට එකතු වීමට ඔවුන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසට ඔහු ආරාධනා කරයි. මේ වන විට පක්ෂ අයදුම්පත් කඩවීම ආරම්භ කර ඇත. අදාල විස්තර ඇතුලත් ජීව දත්ත පත්‍රිකාව මේ මස 15ට ප්‍රථම යොමු කල යුතු බවද ඔහු මතක් කළේය.

මෙවර සාමාජිකයින්ගේ සුදුසුකම් අනිවාර්යෙන්ම පරික්ෂාවට ලක් කෙරෙන අතර සුදුසුම අපේක්ෂකයන් නිසි පරිදි තෝරා ගැනීමට නියමිත බවද පැවසුවේය. එමෙන්ම මේ වන විට මැතිවරණයට අදාලව බිම් මට්ටමේ රැස්වීම් මහජන හමු රැස්වීම් නිරෝධායන නීති වලට ප්‍රකාරව කරගෙන යන බවද මද්දුම බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.