කොවිඩ් මරණ ඉහළ යයි

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමෙන් මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, අඟුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

ඊයේ (11) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 134ක් හඳුනා ගැනීමෙන් සමස්ත ආසාදිතයින් ගණන 292ක් බවට පත්ව ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,989ක් දක්වා ඉහළගොස් තිබේ.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 83,561කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.