කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
නාරාහේන්පිටි අභයාරාම විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැවති 1200ක පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන මෙසේ නිරීක්ෂණය කළේය.
කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන් වන ගලගම ධම්මරන්සි හිමි, වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා හා මනෝරි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලීම පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවූහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.