කොහුවල වාහනයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන තිබේ.

ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයා ගෙන ඇති බවත් අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති බවත් මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව ද පොලිසිය පවසයි.

රාත්‍රී ආහාර ගැනීමට යම් ස්ථානයකට ගොස් ඉන් අනතුරුව එම මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.