පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම්කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට විමර්ශනයක් සිදුකළ යුතු බවට නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එසේ විමර්ශනය කළ යුතු බවට දන්වා ඇත්තේ, අබු හින්ද්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් හා මහෙන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් යන අය පිළිබඳව බවට නීතිපතිවරයා විසින් මෙලෙස පොලිස්පති චන්දන වික්‍රමසිංහට දන්වා ඇත