සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු හා ඔහුගේ බිරිඳ වන මේගන් මාර්කල් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබේ.
පවුලේ අර්බුද පෞද්ගලිකව විසඳා ගැනීමට ක්‍රියාකරන බව එම කෙටි නිවේදනයේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. හැරී සහ මේගන් යුවලට ඉකුත් වසර කිහිපය දැඩි අභියෝගාත්මක කාලයක් වූ අතර ඒ සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බවද දෙවැනි එළිසබෙත් රැජින පවසා ඇත. හැරී සහ මේගන් රාජකීය පවුලට එරෙහිව එල්ල කළ ජාතිවාදය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන බව ද බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්වා ඇති බව සදහන් වේ.
ඔප්රා වින්ෆ්‍රේ සමග සිදු කළ සම්මුඛ සාකච්ජාවක දී මේගන් කියා සිටියේ රජ පවුල සමග දිවි ගෙවන කාලසීමාවේ සියදිවි නසාගැනීමට ද සිතුණු බවය. තම නූපන් පුතුගේ සම කෙතරම් ඇඳුරුවේද යන්න පිළිබඳ රාජකීය පවුලේ සාමාජිකයෙක් විමසීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බව ද මේගන් එහිදී කියා සිටියේය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වමින් දෙවැනි එළිසබෙත් රැජින නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හැරී මේගන් හා ආර්ච් සැමවිටම තම පවුලේ අතිශය ආදරණීය සාමාජිකයන් ලෙස සලකන බවය. ඔප්රා වින්ෆ්‍රේ සමහ පැවති සංවාදයේදී හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකල් පැවසු කරුණු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් කැළඹී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව, අදාළ කරුණු සම්බන්ධයෙන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් එක්ව අදහස් හුවමාරු කරගෙන තිබේ. නමුත් හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ හෙළිකළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් රජ පවුල කිසිවක් පවසා නොමැත.
රූපවාහිනී නාලිකා කිහිපයක් විකාශය කළ එම සංවාදයේදී හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් ජාතිවාදය, මානසික සෞඛ්‍ය, මාධ්‍ය හැසිරීම සහ රජ පවුලේ අනෙක් සාමාජිකයින් ගැන අදහස් පළ කළහ. නුතන රජ පවුලේ එකම මිශ්‍ර වාර්ගික සාමාජිකාව වන්නේ මේගන් ය. ඇය තම පුතාගේ සම කොච්චර කළු වෙයි යනුවෙන් රජ පවුලේ සාමාජිකයෙක් හැරී ගෙන් විමසා ඇතිබව දැනගත් විට තමා ඉතා දුකට පත්වූ බවය.