ගුවන් හමුදාවට රාජ්‍ය ආයතනවලින් ලක්ෂ 90ක පොල්ලක්

ගුවන් සේවා සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතනවලින් රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් අය විය යුතුව පවතින බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

“රාජ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන 10ක් ගුවන් සේවා පහසුකම් ලබාගෙන තියෙනවා. ඒ සඳහා රු 9,061,406.70ක වියදමක් දරන්න සිදුවෙලා තියෙනවා. මේ මුදල් අයකර ගැනීමට ගුවන් හමුදාව ගත්ත පියවර රාශියක් තියෙනවා. විවිධ අපහසුතාවයන් හේතුවෙන් අදාළ හිඟ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බව ඇතැම් අමාත්‍යාංශවලින් මේ වන විට ගුවන් හමුදාවට දැනුම් දීල තියෙනවා යැයි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසිය.

ජනාධිපතිවරයා යන බොහෝ තැන් වලට හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන්නේ මන්දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන ඇතැම් අවස්ථාවල හෙලිකොප්ටර් දෙකක් යන්නේ ආරක්ෂාවට යයි මෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

අද වන විට ජනාධිපතිවරයා පෙර සම්ප්‍රදාය වෙනස් කර ඇති බවත් ඔහු සිටින්නේ තමන්ගේම නිවසේ බවත් ආරක්ෂාව ද වෙනස් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පාරේ යද්දී යන්නේ වාහන තුනක් පමණක් යයිද ඇමතිවරයා පැවසීය.

ජනාධිපතිවරාට උඩින් යන්න බැරිනම් කොහෙන්ද යන්න දැයි විමසූ ඔහු හෙලිකොප්ටර් දෙකක් යන්නේ ආරක්ෂාවට යයිද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.