ඇමරිකාවේ ආයතන තිස්දහසකට චීනයෙන් සයිබර් ප්‍රහාරයක්

ඇමරිකාවේ විවිධ ආයතන තිස්දහසකට පමණ ගතවූ දින කිහිපය තුළ සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

පලාත් පාලන ආයතන,විවිධ ව්‍යාපාර ⁣සහ සමාගම්වල පරිගණක සහ ඊමේල් පද්ධති මෙහි ඉලක්කය වී තිබේ.

ඇමරිකානු බලධාරීන් චෝදනා කරන්නේ චීනයේ අනුග්‍රහය ලබන හෆ්නියුමි නම් සයිබර් ආක්‍රමණිකයන් පිරිසක් මීට වගකිය යුතු බවයි.

මෙය තවමත් ක්‍රියාකාරීව පවතින තර්ජනයක් බැවින් එය වැළැක්වීම සදහා දෙස් විදෙස් සියලු පාර්ශ්ව ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් ධවල මන්දිර ප්‍රකාශිකා ජෙනිෆර් ෆස්කි අවධාරණය කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.