ඉන්දියන් දුම්රිය මැදිරි දහයක් අද (09) පස්වරුවේ කොළඹ වරායට රැගෙන ආ බවත්, එසේ රැගෙන ආ දුම්රිය මැදිරි රත්මලාන දුම්රිය වැඩ බිමට රැගෙන ගොස් එය තත්ව පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා සඳහන් කලේ ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත ඉන්දියානු මැදිරි දහයක් මෙසේ රැගෙන ආ බවයි.
මීට ප්‍රථම මෙරටට ගෙන්වන ලද M11 දුම්රිය එන්ජිම හා සම්බන්ධ කර ක්ෂේත්‍ර චාරිකාවන් සඳහා යොමු කරිමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙයි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි 160න් දහයක් මෙසේ ගෙන ආ අතර මෙම එක මැදිරියක් සඳහා වැය වන මුදල රුපියල් මිලියන 80කි.
මෙසේ ගෙන එන ලද දුම්රිය මැදිරි මැදිරි සැපයුම් කරණය RITES INDIA යන සැපයුම් කරුවන් විසින් සිදුකරන ;ලැබූ අතර එම එක් මැදිරියක් දිගින් මීටර් විස්සක් පමණ වෙයි.
මෙරටට ගෙන්වීමට නියමිත දුම්රිය මැදිරි 160 යටතේ තිරිංග මැදිරි 17 ක්, භාණ්ඩ ප්‍රවාහන තිරිංග මැදිරි 8 ක්, තුන්වෙනි පන්තියේ මැදිරි 41 ක්, දෙවන පන්තියේ මැදිරි 42 ක්, වායුසමනය කළ මැදිරි 35 ක්, අවන්හල් වර්ගයේ මැදිරි 13 ක් ගෙන්වීමට නියමිත බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා සඳහන් කරයි.
එම මැදිරි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙයි.