චීනයෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

චීනයෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව මෙම සියලු ආසාදිතයන් චීනයේ ප්‍රධාන දිවයින් කලාපයෙන් හමුවීම ඇති අතර එලෙස වාර්තා වන කොරෝනා රෝගීන් ගණන අටකි.

සිජුවාන් හා ග්වැංඩොන් ප්‍රාන්තවලින් මෙලෙස ආසාදිතයන් හදුනා ගෙන තිබේ. මේ වන විට එරටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අනු දහස ඉක්මවයි. අලුතින් හදුනා ගැණුනු ආසාදිතයන් අට දෙනාම විදෙස්ගතව සිට චීනයට පැමිණි අය බවයි වාර්තා වේ.

එමෙන්ම කොරෝනා හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන ලක්ෂය ඉක්මවා ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විටත් ඉතාලියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ එකසිය තුනක් වන බවයි.

ඒ අනුව කොරෝනා මරණ ලක්ෂය ඉක්මවූ හත්වන රට බවට ඉතාලිය පත් විය. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව තිස්ලක්ෂ අසූඑක්දහස් තුන්සිය හැට අටකි. මේ අතර ඇමෙරිකාවේ කෝවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවද මිලියන විසිනවය ඉක්මවා තිබේ. එරට මරණ සංඛ්‍යාව පන්ලක්ෂ විසිපන්දහසකට අධිකය. කෙසේ වෙතත් සෑම රටක්ම එන්නත්කරණය සදහා වැඩි අවදානයක් යොමුකිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පහළ යමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.