බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

ආණ්ඩු පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එය පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරයෙක් නිල වශයෙන් ලබා ගත් අවසරයක් මත බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්තාවක් ලෙස සනිටුහන් වේ.

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

මධුර විතානගේ මහතා මීට පෙර 09 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවති දිනයේදී බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණියේය. එමෙන්ම මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ජලයෙන් යටවූ අවස්ථාවේදී හිටපු කථාන‍ායක චමල් රාජපක්ෂ මහතා බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.
මේ ආකාරයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද දෙමටගොඩ සිට පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා බෝට්ටුවකින් ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සැකසීමට සැළසුම් කර තිබෙන බව මධුර විතානගේ මහතා පැවසීය.

මෙයට අමතරව කොළඹ, විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පවතින විශාල වාහන තදබදයට පිළියමක් ලෙස ජල ප්‍රවාහන මගී සේවාවක් ආරම්භ කිරීම සඳහා තමන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.