අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අදාළ ජේලර්වරයා මන්ත්‍රීවරයාට සිය ජංගම දුරකථනය රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩලබා දීම නිසා ජේලර්වරයාගේ වැඩ තහනම් කරනු ලැබු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
ඊයේ (08) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබාගෙන තිබේ.
එය පසුව හර්ෂණ රාජකාරුණා මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේද මෙය සංසරණය වෙමින් දැඩි කතා බහට ලක් විය.