පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය www.slwpc.org ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලයට එක් කෙරිණි.
ජාත්‍යන්තර කාන්තා දිනය 2021 ට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදය මෙම නිල වෙබ් අඩවිය එළි දක්වා තිබේ.
පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01හි දී පැවති මෙම උත්සව අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද එක්වූයේය.