කොවිඩ් නිකුතුව සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ කටයුතු කළ වැඩබලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය සම්බන්ධිකරණ තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
COVID-19 වසංගතය පැවති සමයේ ඔහු එම තනතුරට පත්වූ දා සිට සෞඛ්‍ය සේවා වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා Colombo Gazette වෙත පැවසීය.
කෙසේ වෙතත්, ඊයේ (08) දින සිට ස්ථිර පත්වීමක් නිල වශයෙන් සිදු කළ බව ඔහු පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන අධ්යක්ෂ වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් මහතා සෞඛ්‍ය සේවා නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.
ඒ අනුව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ තම රාජකාරිය නිල වශයෙන් වෛද්‍ය ආර්නෝල්ඩ් වෙත භාර දුන් බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ ධුරයට නැවත පත්කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.