ඉන්දියාව පොරොන්දු වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියනයක් දෙන්න බැහැ කියයි

මාර්තු මැද හා අපේ‍්‍රල් මාසවලදී ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ශ‍්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ කොවිඩ් -19 වෛරසය මර්දන සඳහා වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්ෂ15න් ඉතිරි ලක්ෂ10ක කොටස පොරොන්දු වූ වකවානුව ඇතුළත මෙරටට ලබා දිය නොහැකි බව රාජ්‍ය ඖෂ ධ සංස්ථාවට ඉකුත් (03) වැනිදා ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.

ඊට හේතු ලෙස සඳහන් කර ඇත්තේ තම සමාගමට අලූතෙන් ලැබී තිබෙන ඉල්ලීම් සහ සිය කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න මෙම එන්න ත් ප‍්‍රමාදයට හේතුව බවය.

කොවිඞ්19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්න ත් කරනු ලබන ඇස්ට‍්‍රා-සෙනිකා කොවිෂීල්ඞ් එන්නතේ මාත‍්‍රා ලක්ෂ15ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.25 ක් ශ‍්‍රී ලංකාව විසින් මේ වන විටත් ගෙවා තිබේ.

ඉන් එන්න ත් මාත‍්‍රා ලක්ෂ05ක් ප‍්‍රජා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා පෙබරවාරි අවසාන සතියේදී ලබාගත්තේය.

ඉතිරි මාත‍්‍රා ලක්ෂ10 මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදී ශ‍්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාවේ සීරම් ආයතනය බලාපොරොත්තු විය.

කෙසේ වෙතත්, සීරම් ආයතනය පවසා ඇත්තේ එන්න ත සැපයීමේ තත්ත්වය පිළිබඳ ”යාවත්කාලීන කිරීමක්’’ හෙවත් නැවත දැනුම්දීමක් කෙරෙන්නේ අපේ‍්‍රල් මාසයේ මැද භාගයේදී බවය.

වික ල්පයක් වශයෙන් මෙම ගිවි සුම අවලංගුකිරීම හෝ ගෙවා ඇති අත්තිකාරම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් සඳහා සහාය පළ කිරීමටද සීරම් ආයතනය එකඟ වී තිබේ.

සීරම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සී. පූනාවල්ල මහතා විසින් අත්සන් කරන ලද මෙම ලිපිය රාජ්‍ය ඖ ෂධ නී තිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා වෙත එවා ඇත.

මේ සම්බන්ධව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ නිසිකලට එම එන්න ත් ලැබේ යැයි අපේක්ෂාවෙන් පසුවන බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධරියෙකු Colombo Gazette වෙත ප්‍රකාශ කළේ වෙනයම් දේශපාලනික කාරණාවක් නිසා මෙම එන්නත් ඇනවුම අත්හිටුවා ඇති බවයි.

මෙම එන්නත් තොග මාත්‍ර ඇනවුම ලබා දීමට ගින්න හේතුවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.