ගිනියාවේ ප්‍රධාන නගරය වන බාටා හි සිදුවූ පිපිරිම් මාලාවකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ නොසැලකිලිමත් ලෙස බැරැක්ක තුළ ඩයිනමයිට් ගබඩාකර තිබීම මෙම පිපිරීම්වලට හේතුවී ඇති බවය.
පිපිරීම් හේතුවෙන් පුද්ගලයින් 420 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී ඇති අතර එහි සිරවී ඇති පිරිස් සොයා මෙහෙයුම් සිදු කෙරේ.