සංචාරක ක්ෂේත්‍රයට ලබා දුන් ලීසිං සහනය දෙසැම්බර් දක්වා දීර්ඝ කෙරෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් පිඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නීයුතු වූවන්ට ලබාදුන් ණය හා ලීසිං පහසුකම් සඳහා වන සහන පැකේජය මේ වසරේ අවසානය දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට රජය විසින් මෙම සහනය ලබාදුන්නේ පසුගිය මාර්තු මාසයේ සිට වන අතර එය මේ මස 31 වන දිනයෙන් අවසන් වීමට නියමිතය.

පසුගිය ජනවාරි මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කෙරුණ ද තවමත් සංචාරක ක්ෂේත්‍රය යථා තත්වයට පත්ව නොමැති බැවින් මෙම සහනය දීර්ඝ කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31වනදා දක්වා එම සහනය දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියි.

ජනවාරි 21 දා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා මෙරටට සංචාරකයන් 5000කට අධික පිරිසක් පැමිණ තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බහුල වශයෙන් පැමිණෙන චීනය, ඉන්දියාව, ජර්මනිය, එංගලන්තය වැනි රටවල් තවමත් එම රටවල වැසියන්ට මෙරට සංචාර සඳහා අනුමැතිය ලබාදී නොමැති නිසා එය මෙරටට සංචාරක ව්‍යාපාරයට සෘජුවම බලා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

සෞඛ්‍ය නීතිරීති වලට අනුව සංචාරකයන් ගෙන්වීමේදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුව ඇති අතර සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා වලදී එකඟ වූ ඇතැම් කරුණු වලට සෞඛ්‍ය අංශ තවමත් නිසිලෙස අනුමැතිය ලබාදී නොමැත.

මේ පිළිබඳව ඉදිරියේදි සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර අඳාල නිර්දේශ කඩිනමින් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් ගෝලීය සංචාරක වැඩසටහන සඳහා ඉදිරි වසර 05ට වෙන්කර ඇති මුදල ඇ.ඩො.බිලියන 59ක් බවත් අමාත්‍යවරයා පවසයි.

චීනය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය,ඕස්ට්‍රේලියාව,රුසියානු කලාපයේ සහ මැද පෙරදිග රටවල් ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් මෙම වසර තුළදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

ඇමරිකාව, ජපානය වැනි රටවල් ඉලක්ක කර ගනිමින් තවත් වැඩසටහනක් ක්‍රියාත්මකකෙරෙන අතර මෙරට සංචාරක
ආකර්ෂණිය ගමනාන්තයක් ලෙස මෙන්ම කොවිඩ් සුරක්සිතම රටක් ලෙස ලෝකය තුළ ප්‍රචලිත කිරීමට අපේක්ෂිතයි. සංචාරකයන් මෙරටට ආකර්ෂණීය කර ගැනීම

මේ වනවිට සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන් සහා කොවිඩ් එන්නත ලබාදිමට රජය එකඟත්වය පල කර ඇති අතර ඉදිරි සති කිහිපය තුළ එය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.