විවිධ ප්‍රදේශවලදී ත්‍රීරෝද රථ සොරකම් වාර්තා වී ඇත. එලෙස සොරකම් කරන ලද ත්‍රීරෝද රථ කොළඹ නගරයේ යම් නිශ්චිත ස්ථාන කිහිපයකටත් කොළඹින් පිටත ස්ථාන කිහිපයකටත් අලෙවි කරන බවත් අනාවරණය වී තිබේ.
ඒ අනුව ඊයේ දිනයේදී එවන් සොරකම් 4ක් කුරුවිට, ඇහැළියගොඩ, කැලණිය සහ පල්ලෙකැලේ යන ප්‍රදේශවල වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
1997 අංකයට අමතා ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
පොලීසිය මෙම ස්ථාන වැටලීමට ක්‍රියාකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පන්නල ප්‍රදේශයේ ඊයේ (07) දින සිදුකර තිබූ පොලිස් මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ පතොරම් 3ක් ද සොයාගෙන තිබේ.