ගම සංවර්ධනය දිගටම

මහනුවර,හිඳගල හන්දියේ සිට දොළුව හරහා ගම්පොල දෙසට දිවෙන මාර්ගය එකල එනම් 1994 යන කාල සමය තුළ ඉතාමත් පටු මාර්ගයකි.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු ව පැවැති මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරමින් පුළුල් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සමාරම්භය දෙමින් 2001 වසර වන විට සංවර්ධනය වූ හිඳගල දොළුව හරහා ගම්පොල මාර්ගය ප්‍රජා අයිතියට පත් පත්කිරීමට හැකි වන්නා සේම, පුද්ගලික බස් රථ සේවාවක් මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සේවාවක් ආරම්භ කරමින් දීර්ඝ කාලයක් පුරාවට ප්‍රදේශවාසීන් පත්ව සිටි දුෂ්කරතාවයෙන් මුදවා ගැනීමට එවක කෘෂිකර්ම අමාත්‍ය ලෙස ආචාර්ය දි. මු. ජයරත්න මහතා නන් හට හැකියාව ලැබිණි.

හිඳගල දොළුව හරහා ගම්පොල මාර්ගය ඉදිකර අද වන විට වසර 25ක් පමණ ගත වී හමාරය. එවක ගත් දූරදර්ශී තීරණයන්හි ප්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය සිට ගෙලිඔය හරහා ගම්පොල දෙසට දිවෙන මාර්ගයේ පවතින දැඩි වාහන තදබදයට පිළියමක් වන්නා සේම පවතින පාරිසරික අලංකාරාත්මක තාවය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් නිබඳව මෙම මාර්ගයේ ගමන් කටයුතු සඳහා බාවිතා කරනු ලබයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ වත්මන් නව රජයේ එන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනට සමගාමීව ග්‍රාමීය මාර්ග කි.මී. 100.,000 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කිලෝමීටර් 13.1 වන පලල මීටර් 5.5 ක් වන මාර්ගය මීටර් 6.05 ක් වනසේ පුළුල් කර ද්විත්ව තීරු මාර්ගයක් ලෙස කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු රුපියල් මිලියන 333.97 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් 2021.03.07 වන දින ඉල්ලගොල්ල මංසන්ධියේදී ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

තවද km 11කින් යුත් දොරගල සිට ගම්පොල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කෙරුනු ලැබූ අතර ඒ සඳහා වෙන් මුදල රුපියල් මිලියන 106 කට අධිකයි.රුපියල් මිලියන 82 කට අධික ප්‍රමාණයක් වැය කරමින් ගල්ගෙඩියාව සිට බෝවල දක්වා මාර්ගය ද කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු අද දින ආරම්භ කරනු ලැබූ අතර එය මාස නමයකින් වැඩ අවසන් කිරීමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමන් විසින් වසර 27 කට පමණ පෙර ඉදිකිරීම් කරනු ලැබූ මෙම හිඳගල දොළුව හරහා ගම්පොල මාර්ගය ද්විත්ව තීරු මාර්ගයක් ලෙස කාපට් අතුරා සංවර්ධනය කිරීම කාලෝචිත යැයි හඳුනාගනු ලැබූ රාජ්‍ය අමාත්‍ය නීතිඥ ගරු අනුරාධ ජයරත්න මහතාගේ පූර්ණ මැදිහත්වීම තුළ හිඳගල දොළුව හරහා ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබීය.

අදහස් දැක්වූ අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා,

එදා අපි ජනාධිපතිවරණයේදී ඔබට පොරොන්දු වුණා ගෝඨාභය මැතිතුමා ජනාධිපති වෙනකොට ඔබේ ගමේ සංවර්ධනය පිළිබඳ වගකීම මම භාර ගන්නවා කියලා. මේ ආණ්ඩුව කවදාවත් ගමේ සංවර්ධනය,ගමේ ඇති ප්‍රශ්න ගැටලු ආණ්ඩුවක් නෙමෙයි ඒක ඔබට ඇස් පනාපිටම පේන්න තියෙනවා.

ඉදිරි කෙටි කාලය තුළ ගම්පොළ ප්‍රදේශයට 90% කට අධික ප්‍රමාණයකට පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙලක් සූදානම් කරල ඉවරයි. පහුගිය කාලයේ පැවති ආණ්ඩු වගේ අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව පැලවෙන මුල්ගල් තියන්නේ නැහැ. දැන් විපක්ෂයක් පටන් අරගෙන ගමින් ගමට ගිහිල්ලා ජංගම සේවා පවත්වන්න.

ගෙදරට ගිහිල්ලා අහනවා අනේ ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් තමයි විපක්ෂයට මතක් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. අපිට තියෙන්නෙ ජනතාවගේ ඡන්ද ටික පෙට්ටියට දාලා ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි.

රට පිළිබඳ රටේ සංවර්ධනය පිළිබඳ ඊට එහා ගියපු වගකීමක් අපට තිබෙනවා. මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණයි. ඒ නිසා තමයි 68 ලක්ෂ කින් මේ රටේ ජනතාව එතුමාව ජනාධිපති පුටුවේ ඉන්දුවේ.දශක තිහක යුද්ධය අවසන් කරපු එතුමා ඉදිරි වසර කීපය තුළ මේ රටේ සංවර්ධන යුද්ධය ජය ගන්නා බව නිසැකයි.

එමෙන්ම වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ වරි සෞභාග්‍යයා වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ද ඉදිරියේදී ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසුවේය. එහි පාලමු පියවර ලෙස එලබෙන 15 වැනි දා මහනුවර දිස්ත්‍රික්කයේ වැව්, අමුණු ප්‍රතිසංස්කරණය කීරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගන්නා බව ද ප්‍රකාශ කළේය.

ලක්ෂ 80 ක මුදලක් වියදමින් ගම්පොල දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් “අංගේ වැව” ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. “අංගේ වැව” ප්‍රතිසංස්කරණය කිරීම තුලින් කුඹුරු අක්කර 32කට අධික ප්‍රමාණයකට ජලය ලැබෙන අතර ගොවි පවුල් 50කට අධික ප්‍රමාණයකට තම ගොවි තැන් කටයුතු කරගෙන යාමට සෙත සැලසේ.

මේවන විට වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ අප දිස්ත්‍රික්කයම ආවරනය වන පරිදි වැවු,අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් යන බව ප්‍රකාශ කල අමාත්‍ය තුමා සෑම මොහොතකම මා නිලධාරීන් හට උපදෙස් ලබාදෙමින් කියා සිටින්නේ ගොවි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන කෘෂිකර්මාන්තය නගා සිටුවීමට සෑම විටම පිටි වහලක් වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.