“කළු ඉරිදා” සනිටුහන් කිරීමට භික්ෂුන් වහන්සේලාත් එක් වෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුවන තෙක් විරෝධතා ක්‍රියාමාර්ග වල අඛණ්ඩව නිරත වණ බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරයි.

එහිමියන් මේ බව සඳහන් කළේ අද (07) පැවති කළු ඉරිදා සාමකාමී විරෝධතාවයට සමගාමීව කොච්චිකඩේ දේවස්ථානයේ පැවති සාමකාමී විරෝධතාවයට එක් වෙමිනි.

අදාල ප‍්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අප්‍රේල් 21දාට පෙර ක්‍රියාත්මක නොවුණහොත් ඒ ගැන දැඩි අවධානය යොමුකරන බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

තමන් ඉල්ලා සිටින්නේ වරදකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බවත් පැවසූ අගරදගුරුතුමන් තමන් කිසිවෙක්ට බිය නැති බවද පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අය සොයා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධතාවයේ සලකුණක් ලෙස ශ්‍රී ලංකාවේ කතෝලිකයන් අද ‘කළු ඉරිදා’ ලෙස නම් කරනු ලැබිය.

අද දින දේව මෙහෙයට සහභාගී වූ කතෝලික බැතිමතුන් කළු මුඛ ආවරණ පැළඳ සිටි අතර සමහරු කළු ඇඳුමින් සැරසී සිටියහ.

බෞද්ධ හා මුස්ලිම් ආගම්වල ආගමික නායකයින් ද මෙම විරෝධතාවයට සහභාගී වීමෙන් විරෝධතාවයට සහාය දැක්වූහ.

කාදිනල් මැල්කම් රංජිත් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරවල ප්‍රධාන වැරදිකරුවන් රජය විසින් සොයා ගන්නා ලෙසයි.

“අපගේ උත්සාහය වන්නේ ප්‍රහාර පිටුපස සැබවින්ම සිටියේ කවුරුන්ද යන්න තහවුරු කිරීමයි” යනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී රංජිත් කියා සිටියේ පරීක්ෂණයේ ප්‍රගතියක් නොමැතිවීම පිළිබඳව තමා නොසතුටින් සිටින බවත්, අවසාන නිවේදනයක් ඉදිරිපත් කළ බවත්ය.

“බෝම්බ පිපිරීමේ දෙවන සංවත්සරය වන විට ප්‍රහාර පිටුපස සිටියේ කවුරුන්ද යන්න පිළිබඳව බලධාරීන් පිළිතුරු දීමට අපොහොසත් වුවහොත්, අපි රටපුරා කළු කොඩි ව්‍යාපාරයක් ඉල්ලා සිටිමු.”

විරෝධතා සංඛ්තයක් ලෙස ශ්‍රී ලාංකිකයන් තම නිවෙස්වලට ඉහළින් කළු කොඩි ඔසවා විරෝධතාව දක්වන ලෙස කාදිනල්තුමා පැවසීය.

අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රහාරයන්ට ත්‍රස්තවාදයට සහාය දුන් බවට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ජනවාරි මාසයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට චෝදනා කළේය.

එම තිදෙනාම අත්අඩංගුවේ පසුවන නමුත් ඔවුන්ට දේශීය වශයෙන් චෝදනා ගොනු කර නොමැති අතර අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියේ රට තුළ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට සහාය දෙන බවයි.

පාස්කු ප්‍රහාරයේ ඝාතනයට ලක්වූවන් අතර අවම වශයෙන් විදේශිකයන් 45 ක්, ඇමරිකානුවන් පස් දෙනෙකු ද වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.