කොවැක්ස් ක්‍රමවේදය යටතේ ලැබුණු එන්නත් තොගයක් කටුනායකට

කොවිඩ් මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත 20%ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් අද (07) දින අලුයම 12.15 ට එමිරේට්ස් EK – 2528 දරණ විශේෂ ගුවන්යානයෙන් මෙරටට පැමිණ තිබේ.

යුනිසෙෆ් ආයතනය මගින් මිළදී ගනු ලැබූ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ශ්‍රී ලංකාවට හිමිවිය.

කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත එන්නත් තොගය නිල වශයෙන් බාරදීම සිදුවිය.

එම එන්නත් අවදානම් ප්‍රදේශවල අවදානම් කාණ්ඩයට අයත්වන වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙත ලබාදීමට සැලසුම්කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලයිස්තුවෙන් බලය පැවරෙන පරිදි එන්නත් මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ලබාදෙනු ඇත.

යුනිසෙෆ් ආයතනයේ මූලිකත්වයෙන් ලබා දෙන මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික විහිදුම් හා එන්නත්කරණ සැලැස්ම (NVDP) ශක්තිමත් කරන අතර ඉදිරි කාලය තුළදී ජනගහනයෙන් සියයට 20කට තීරණාත්මක එන්නත්කරණ මගින් සහාය ලබා දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.