කොවිඩ් මරණ ගණන 497 යි

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් මරණ 4ක් අද  වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.