ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා පැවසීය.
මත්ද්‍රව්‍ය වැරදි සඳහා බන්ධනාගාරගතවන පුද්ගලයෙකුට රස පරික්ෂක වාර්තා ලැබෙන තුරු වසර එකහමාරක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිටිමට සිදුවන බවත් ඒ් කාලය තුළදි ඔහු දරුණු අපරාධකරුවකු වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එම නිසා මත්ද්‍රව්‍ය වැඒරදිකරුවන් පුනරුත්ථාපනය කිරිමට කටයුුුුතු කරන බවද ඔහු පැවසිය
ඊට අදාළ නීති අණපනත් ද සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.