කොදෙව්වන් සමග තරඟයෙන් ශ්‍රි ලංකාවට ජය

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය

මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමතැන් ගත්තේය.

ඒ් අනුව  දෙරට අතර ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය වඩාත් උණුසුම් මුහුණුවරකින් හෙවත් අවසන් මහ තරගයක ස්වභාවයකින් පැවැත්වෙනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය හමුවේ පන්දුවාර 18 කුත් පන්දු 4 කදී රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 117 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.