බීමත්ව පැමිණි රියදුරෙක් අනතුරු දෙකක් සිදුකරයි

කොළඹ වැල්ලවත්ත මුහුණු මාර්ගයේදී අද (06) අලුයම බීමත් රියදුරෙකු විසින් සිදුකර තිබූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (06) උදෑසන 5.45ට පමණ අනතුරු සිදුව තිබුණි.

රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණ ඇති අදාළ පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුව අනතුරට ලක්කර මෝටර් රථය නොනවත්වා ධාවනය කරඇති අතර එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙක් අනතුරට ලක්කර තිබුණි.

අනතුරට ලක්වූ එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

වැල්ලවත්ත පොලීසිය ක්ෂණිකව සිදුකරන ලද මෙහෙයුමකදී එම අනතුරු සිදුකළ බීමත් පුද්ගලයා මෝටර් රථය ද සමග අත්අඩංගුවටගෙන ඇත.

අදාළ රථයේ ගමන් කළ තවත් බීමත් පුද්ගලයෙකුව ද පොලිස් අත්අඩංගුවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.