පාස්කු ඉරුදින ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගෙන ඇති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 241 දෙනෙකු සම්බන්ධව අධ්‍යනය කරමින් පවතින බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් අතර විශේෂ කරුණු රැසක් ඊයේ (04) රාත්රියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් 2600කට අධික පිරිසක් අත්අඩංගුවට ගත බවත් එයින් 241දෙනෙකු තවදුරටත් රැඳවුම් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාරගතව පවතී.
මෙහිදී හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් නීති විරෝධී ලෙස ඉබ්‍රහිම්ට තබ මිළදී ගැනීම සඳහා ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කරන බවයි අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ.