චීන දුම්වැටි තොගයක් රේගු භාරයට

 

චීනයේ නිෂ්පාදිත රුපියල්  නව කෝටි අසුඑක්ලක්ෂ දාසයදහසක්  පමණ වටිනා දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින්  කොළඹ වරායේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භාවිත කරන පලංචි ලෙස ප්‍රකාශ කරමින්, එම දුම්වැටි තොගය කොළඹ වරායට රැගෙන විත් ඇති අතර චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 06කට අයත් දුම්වැටි 1,513,600ක් එලෙස රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

කොළඹ, ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් එම දුම්වැටි අඩංගු පලංචි තොගය චීනයේ වෙන්ෂෝ වරායේ සිට ගෙන්වා තිබූ බවට මේ වනවිට අනාවරණය වී තිබේ

අඩි 20ක් දිගැති එම බහාලුම ඉකුත් මස 28වනදා කොළඹ වරායට ගෙන්වා තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.