ඉන්දික ශ්‍රී අරවින්ද
කොරෝනා වෛරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා සෞඛ්‍ය අංශ තෝරාගෙන තිබේ.
මෙම භුමිය කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී මහතා Colombo Gazette වෙත පැවසීය.
ඒ අනුව ජනාසා භූමදාන කටයුතු සඳහා මෙම වළවල් හෑරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ බවද ඔහු කීය.
අමීර් අලී මහතා ප්‍රකාශ කළේ කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.
මේ වනවිට එම භූමියට හමුදා ආරක්ෂාවද යොදවා ඇතැයි අමීර් අලී මහතා වැඩිදුරටත් පැවසිය.