අශන්ති වරුනසුරිය
පොදුජන පෙරමුණ තුල ගැටුම් නොමැති බවත් පක්ෂය තුල වෙනත් පක්ෂ හැදීම් නොමැති බවත් පොදුජන පෙරමුණ ලේඛම් රාජ්‍ය අමාත්‍ය සාගර කාරියවසම් මහතා පැවසීය.
පොදුජන පෙරමුණ තුල ගැටුම් ඇති බවටත් පක්ෂයේ කොටසක් වෙනත් පක්ෂයක් ගොඩ නැගීමට යන බවටත් පවතින ආරංචි සම්බන්දයෙන් කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් ලේඛම්වරයා පැවසුවේ කිසියම් පිරිසක් විසින් පක්ෂය තුල ගැටුමක් හදන්න යනවද කියලා භයක් පසුගිය කාලයේදී තිබු බවය.
පොදුජන පෙරමුණ ජනතාවගේ පක්ෂයක් මිසක් පක්ෂයේ පුද්ගලවාද නොමැති බවත් කිසිලෙසකින් පක්ෂයේ ගැටුම් වියවුල් ඇතිවන්නට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළේය.
ආරවුල් ඇතිවී පක්ෂය කැඩී යන්නට ඉඩ නොදෙනද බවද කිසියම් දෙයක් වනවා නම් පක්ෂයේ ලේඛම් වරයා ලෙස එය පේනවා දීම තම වගකීම සහ යුතුකම බවත් තමන්ට කුමන විවේචන එල්ල වුවත් තමන් පක්ෂය ආරක්ෂා කරන බවද සාගර කාරියවසම් මහතා පැවසුවේය.