පුද්ගලවාද නැහැ.මම කරන්නේ මගේ වගකීම

අශන්ති වරුනසුරිය

පොදුජන පෙරමුණේ ලේඛම් සාගර කාරියවසම් මහතා සමඟ කලම්බෝ ගැසට් අප සිදුකල කෙටි දේශපාලන සංවාද සටහනකි මේ.

පසුගියදා බෙහෙවින් කතා බහට තුඩු දුන් විමල් සාගර සිදුවීම හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බව විපක්ෂය කියනවා ?
විපක්ෂෙට කැමති අර්ථකතනයක් දෙන්න පුළුවන්. විමල් මහතා අපේ සහෝදර පක්ෂෙක කෙනෙක්. ඔහු පුවත්පතකට සිදුකල ප්‍රකාශයක් සම්බන්දයෙන් පොදුජන පෙරමුණ විදියට අපේ පක්ෂයේ මතය අපි ප්‍රකාශ කළා. අපි එම ප්‍රකාශය සම්බන්දයෙන් අපේ විරෝධය පළ කරමින් එය නිවැරදි කරන ලෙසට ඉල්ලීමක් කළා.

කොහොම හරි සමාව ගත්තේ නැහැ නේ ?
ඒක එතුමාගේ දේශපාලන සදාචාරයේ ප්‍රශ්ණයක්. ඉල්ලීම කිරීම අපේ පක්ෂය වෙනුවෙන් මගේ යුතුකමක්.

නමුත් විවිධ පාර්ශව හරහා ඔබයි බොහෝ චෝදනාවන්ට ලක් වුණේ ?
අදාල කාරණේ විග්‍රහයක් නොකර සමහරක් මගේ දේශපාලන පරිනතබාවය, ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක්, වැනි කරුණු කරණා සම්බදන්යෙන් විවිධ ප්‍රකාශ කළා. නමුත් මම හරි වැරැද්ද වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒවගේම සදාචාර දේශපාලනයක වෙනුවෙන් මම පෙනී ඉන්නවා. සහෝදර පක්‍ෂයක ඉන්න විමල් මහතාට අපේ අප්ක්ෂයේ නායකයා සම්බදන්යෙන් ප්‍රකාශයක් කිරීමට කිසිදු අයිතියක් නැති බව ඕනෑම සදාචාරමත් දේශපාලනයක නියැලෙන කෙනෙක්ට වැටහෙනවා. ඔහුට යම්කිසි දෙයක් තිබ්බ නම් ඔහුට තිබුණේ අපේ පක්‍ෂය සමඟ සාකච්චා කිරීමයි.

ඕක තේරුම් ගන්න බැරි සමහර අය මගේ දේශපාන පරිනතබව ගැන විවිධ කතන්දර පැවසුවා. කෙනෙක් බැලිය යුත්තේ මගේ දේශපාලන ගමන නෙමෙයි “හරි වැරැද්ද” මොකද්ද කියන කාරණේ ගැන. විමල් විරවංශ මහතාත් ඊට උත්සහ නොදරා වෙනත් දේවල්, අදාල නැති කරුණු ගෙන හැර දක්වමින් කතා කළා. එතුමාගේ දේශපාලන සදාචාරය අනුව එතුමා හිතනවා නම් එය නිවැරදි කල යුතු නැහැ කියලා එක ඔහුගේ කැමැත්ත. ඒක එතනින් ඉවරයි.

ඔබ තාම ඉන්නේ විමල් මහතා සමව ගත යුතුයි කියන මතේද ?
ඔව් ඒ මතේ මම ඉන්නවා. මොකද එතුමා කල දේ වැරදියි. වැරදි දේ වැරදියි කියන්න අපිට ශක්තියක් තියෙනවා. පුද්ගල ප්‍රතිරූප නෙමෙයි, අපි වැරදි දේ වැරදි බවට වටහා ගත යුතුයි. තමන් වැරද්දක් කලාම නිහතමානිව පිළිගන්න පුළුවන් කමක් තියෙන්න ඕන. එහෙම නැතුව එය පෙන්වා දුන් පුද්ගයාට චෝදනා කරමින් ඇගිලි දිගු කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ පැත්තට ඇඟිලි 4ක් දික් වීමයි.

පොදුජන පෙරමුණ ඇතුලේ ගැටුමක් තියෙනවා ද ?
පක්ෂය ඇතුලේ නැහැ. නමුත් අපිට පොඩි භයක් ඇති වුණා කිසියම් පිරිසක් පක්ෂය තුල ගැටුමක් හදන්න යනවද කියලා. ඒ නිසයි අපි එදා ඒ විදියට පැවසුවෙත්. ඉතාම අමාරුවෙන් හදාගත් පක්ෂය එහෙම කැඩීලා බිදිලා යන්න දෙන්න බැහැ. ආරවුල් ඇති වෙන්න දෙන්නත් බැහැ. පොදුජන පෙරමුණ කියන්නේ ජනතාව ගොඩනගපු ජනතාව වෙනුවෙන් ඉන්න පක්ෂයක් මිසක් පුද්ගලයෙක් මත පදනම් වූ පක්ෂයක් නෙමෙයි.

ඒ කියන්නේ දැන් පුද්ගලික මතභේදයකුත් නැහැ කියන එකනේ ?
අපෝ නැහැ. පක්ෂයේ ලේඛම් වරයා හැටියට පොදුජන පෙරමුණ වෙනුවෙන් මගේ යුතුකම වගකීම මම ඉෂ්ඨ කළා. මම එය නොකළ නම් පක්‍ෂයේ ලේඛම් විදියට මගේ වගකීම් පැහැර හැරීමක්.

පොදුජන පෙරමුණේ පිරිසක් වෙනත් පක්ෂයක් හදන්න යනවා ද ?
නැහැ. මම දැනුවත් නැහැ

ආණ්ඩුව ෆේල් ද ?
මේ ආණ්ඩුව භාර ගත්තේ ආර්ථිකය සම්පුර්ණයෙන් කඩා වැටිලා ඉන්නකොට. නමුත් මේ වන විට විදෙස් ණය ගෙවා අවසන්. රටේ තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් තමයි ජාතික ආරක්ෂාව. දැන් රට පුර්ණ ආරක්ෂිතයි. පාතාලය සම්පුර්ණයෙන් මර්ධනය කරලා. මත්ද්‍රවය උවදුරට අදාලව බොහෝ කටයුතු කරලා තියෙනවා. MCC ගිවිසුම හරහා රට උකස් කිරීම නතර කළා. වසරක පමණ කෙටි කාලයක් තුල මෙවන් ජයග්‍රහණය බොහොමයක් කරලා තියෙනකොට ආණ්ඩුව ෆේල් කියන්නේ කුහකයෝ.

ඒ වුණාට ආණ්ඩුව පත් කරන්න උර දුන් හාමුදුරුවරුන් පවා ආණ්ඩුව ගැන කලකිරිලා කියලා පවසනවා …
උගත් භුද්ධිමත් බහුතරයක් භික්ෂුන් වහන්සේලා එහෙම නැහැ. පැය 24න් සේරම එකවර කල හැකියි සිතන සමහර කණ්ඩායම්, සමාජ බලවේග තමයි ඕවා කියන්නේ. ආණ්ඩුව බලයට ගෙන එන්න අවංකව උදවු කල සියලු සමාජ බලවේග සහ සියලු භික්ෂුන් වහන්සේලා අදටත් අප සමඟ ඉන්නවා.

රාජකීය විදුහල් කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ ඔබද ?
රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉවත් කරන්න මට හැකියාවක් බලයක් ශක්තියක් තිබුනා නම් මම මෙලකහට ඕක කරලා. මම සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මට එහෙම කරන්න බැහැ. ඒ නිසා ඔය චෝදනා වල කිසිදු සත්‍යතාවයක් නැහැ.

ඉන්දියාවේ ලංකාවට ෆන්ඩ් කරනෙන් චීනෙන් එන ෆන්ඩ්ස් නතර කරන්නද?
මම දන්නා තරමින් එහෙම ප්‍රශ්නයක් නැහැ

ඔබලාගේ ආණ්ඩුව චීනයට ගැතිද ?
නැහැ. පොදුජන පෙරමුණ රටට සහ ජනතාවට ගැති ආණ්ඩුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.