අකිල ධනංජය වාර්තා අතරට

පන්දුවාර විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තුන්වන පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට අකිල ධනංජය සමත් විය.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131කි. මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් හිමිකරගත් යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක පන්දු 34 කදී ලකුණු 39 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13 යි එක් පන්දුවකදී කඩුලු 06 කට ලකුණු 134 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.කිරන් පොලාර්ඩ් ලකුණු 38 යි. ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 29 ක් රැස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.