COVID එන්නත ලබා ගැනීමට කිසිම බලපෑමක් කළේ නැහැ-සනත් කියයි

ඉන්දික ශ්‍රී අරවින්ද

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට COVID 19 එන්නත ලබා දීම නිසා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID පාලන අමාත්‍යාංශයේ ලේකම් තනතුරෙන් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.

මෙහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක වූ ජයසුරිය මහතාට එල්ලවන චෝදනාව වන්නේ COVID එන්නත ලබා ගැනීම සඳහා එන්නත් වැඩසටහනට බලපෑම් කර ඇති බවයි.

එය එසේ නම්, සෞඛ්‍ය බලධාරීන් සනත් ජයසුරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපොහොසත් වූයේ මන්ද? ඇත්ත වශයෙන්ම ඔහුගේ ප්‍රකාශය මෙම ගැටළුව හා සම්බන්ධ ඕනෑම විමසුමකට වඩා වැදගත් වේ.

මේ වනවිට ඉන්දියාවේ ක්‍රිකට් සංචාරයක යෙදී සිටින සනත් ජයසුරිය මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එන්නත ලබා ගැනීම සඳහා තමාගෙන් කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවයි.

කොළඹ පදිංචිකරුවෙකු ලෙස තමාට වෙනත් ඕනෑම මහජනතාවකට මෙන් එන්නත ලබා ගැනීමට අයිතියක් ඇති බවත් තමා තිම්බිරිගස්යාය ප්‍රදේශයේ ජීවත් වන අතර එහි මහජනතාව සඳහා එන්නත් මධ්‍යස්ථාන පිහිටුවා නොතිබුණි.

එබැවින් එම එන්නත ලබා ගන්නේ කොහෙන්දැයි දැන ගැනීම සඳහා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර එහි සිටි වෛද්‍යවරයකු හමුවීමට බොරැල්ලහි පිහිටි මධ්‍යස්ථානයට යන ලෙස දන්වන ලදී.

තමා වෙනත් සාමාන්‍ය ජනතාව මෙන් එහි ගොස් වෛද්‍යවරයා හමු වූ අතර ඉන්පසුව තමාට ලියාපදිංචි පෝලිමේ ටික වේලාවක් රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය.

ඉන් පසුව තමා ලියාපදිංචි වීමෙන් අනතුරුව එන්නත ලබා ගත්තේ යැයි සනත් ජයසුරිය මහතා පැවසිය.

මේ සිද්ධිය පදනම් කරගෙන අමාත්‍යාංශයේ ලේකම්වරයකු ඉවත් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත් වෛද්‍ය අමල් හර්ෂ ද
සිල්වා මහතාව එසේ ඉවත් කළේ නම් ඉතා කණගාටු වෙන බව ජයසුරිය මහතා පවසයි.

මේ වනවිට තමා ඉන්දියාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගී වී සිටින අතර මේ සිදුවීම නිසා ඔහුට මානසික බලපෑමක් ඇති වී ඇතැයි පවසන සනත් ජයසුරිය මහතා ඉතා කඩිනමින් මේ සම්බන්ධව තම නීතිඥයා සමග කතා කර ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.