අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.
මූලික විරෝධතාව පිළිබඳව විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කෙරේ.
එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවක මහතාට විවෘත අධිකරණයේ දී කියවා දෙනු ලැබීය.