මවක් දරුවන් තිදෙනෙකු සමඟ ළිඳට පනියි

කිලිනොච්චි රාමනාතපුරම් හි ධර්මපුරම් ප්‍රදේශයේ කාන්තාවක් සිය බාල වයස්කාර දරුවන් තිදෙනා සමඟ ළිඳකට පැන සියදිවි නසා ගැනීමට තැත් කර තිබේ.

මෙම කාන්තාව ඊයේ සවස වයස අවුරුදු අට, පහ සහ දෙක යන දරුවන් සමඟ ළිඳට පැන ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් මව සහ ඇගේ 02 හැවිරිදි දරුවා බේරාගෙන ඇති අතර අනෙක් දරුවන් දෙදෙනා මිය ගොස් ඇත. මෙම කාන්තාව සහ බේරාගත් දරුවා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එම ඇතුළත් කර දැරුවද මියගොස් තිබේ.

තිදරු මව තවමත් කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව කළ විශේෂ මෙහෙයුමකදී අනෙක් දරුවන් දෙදෙනාගේ සිරුරු ළිඳෙන් සොයා ගෙන ඇත.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාව සිය දරුවන් සමඟ සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.