පාස්කු නෙමෙයි රටේ සමස්ත ප්‍රශ්ණ විසදිමම ආණ්ඩුව ෆේල්

අශන්ති වරුනසුරිය

පාස්කු ප්‍රශ්න පමණක් නොව සමස්ත රටේම ප්‍රශ්ණ විසදා ගත නොහැකිව ආණ්ඩුව අසමත් වෙමින් සිටින බවත් යහපාලන රජය විවිධ අභියෝග හමුවේ රටේ සංවර්ධනය ඉටු කල බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතා පැවසුවේය.

පාස්කු කොමිසම් වාර්තාව තනිකරම හිස් එකක් බවත් එය දේශපාලන අරමුණු පදනම් කර ගත් එකක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතා පැවසුවේය.

පාස්කු වාර්තාව සම්බන්දයෙන් කලම්බෝ ගැසට් අපට අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කලේ පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් කවුද යන්න හෙළි නොකරන වාර්තාවක් සත්‍ය විය හැකි ද යනුවෙනි. එකී සමහර කරුණු වසන් කරන්නේ දේශපාලනික අරමුණු නිසා බවද ජනාධිපති කොමිසමේ සාමාජිකයන් සිය වගකීම් සහ යුතුකම් මනා ලෙසා ඉටු නොකර ඇති බවටද ඔහු චෝදනා කළේය.

ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කරමින් රටේ මානව හිමිකම් එජාපය ආරක්ෂා කල බවද පැවසු සභාපති වරයා වැඩි දුරටත් සදහන් කලේ වත්මන් රජය බලයට පත්වූ වහාම 20 සංශෝධනය හැරයා ඒ සියල්ල විනාශ කල බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.