අල්ලස් හෝ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා තවදුරටත් පුළුල්ව මෙම වැටලීම් ක්‍රියාත්මක කරන බව අල්ලස් කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙම වසරේ ගතවු කාලසීමාව තුළ අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
මේ අතර ඊයේ (03) දිනයේදී ද අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ වරදක් සම්බන්ධයෙන් මහරගම පොලීසිය භාරයේ තිබූ මෝටර් රථයක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා මෙම සැරයන්වරයා රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇතිඅතර එය ලබාගන්නා අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සාර්ථක වැටලීම් 13කදී මෙම පිරිස් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවටගත් පිරිසට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම වසරේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකයට පැවසුවේය.