ඉන්දියානු – ශ්‍රී ලංකා ගුවනේ ශක්තිය කොළඹ වරාය නගරය ඉහළ අහසේ රඟයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ.

ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ.

මෙම ගුවන් සංදර්ශනය මාර්තු 04 සහ 05 යන දිනවල ප.ව 5.00 සිට 6.00 දක්වා ද පැවැත්වේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් හා හෝක් (HAWK) ජෙට් යානා 14ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් සෙස්නා 150, වයි-12, බී-200, එම්ඒ-60 සහ එෆ්-7 ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ගුවන් යානා 24කින් සංදර්ශනය වර්ණවත් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද සහභාගී විය.

එම අවස්ථාවේ දුර්ලභ ඡායාරුප රැසක්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.