සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිකළ කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව හා එම බිළිඳා මාර්තු 9 වන දින තෙක් පරිවාස භාරයට යොමුකර තිබේ.
යාපනය මනියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් විසින් මාස 8ක සිය බිළිඳාට පහරදෙන ආකාරය එම වීඩියෝ වේ සටහන් ව තිබුණි.
එම පහරදීමේ ස්ථානයේ රැඳී සිටින අදාළ කාන්තාවගේ මව එය වැළැක්වීමට ක්‍රියා නොකරන අයුරුද එහි දක්නට ලැබේ.
දරුවාට පහරදෙන එම වීඩියෝව යම්කිසි පුද්ගලයෙකු විසින් පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැර තිබුණි. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ ළමා ආරක්ෂක අධිකාරියේ නල්ලූර් කාර්යාලයේ නිලධාරීන් සහ යාපනය පොලීසිය අද පෙරවරුවේ අදාළ කාන්තා සොයා ඇයගේ නිවසට ගොස් තිබුණි.