චීනයේ ධනවත්ම පුද්ගලයා වූ ජැක් මා පරදා එම ස්ථානයට ෂොං ශාන්ශාන්

චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වනු ලැබූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වෙමින් එම ස්ථානය නොන්ග්ෆු ස්ප්‍රින්ග් හි හිමිකරු ෂොං ශාන්ශාන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු 2019 සහ 2020 වසර වල චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියේ අලිබබා හි ජැක් මා ය.

නමුත් එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා බවට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු ස්ප්‍රින්ග්” හි හිමිකරු සහ ෂොං ශාන්ශාන් කොවිඩ් -19 මර්දන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිං හි පිහිටි සමාගමක ද හිමිකරු වන ෂොං ශාන්ශාන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නොන්ග්ෆු ස්ප්‍රින්ග් සමාගමේ කොටස් සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව දත්ත පෙන්නුම් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.