රාජ්‍ය අමාත්‍ය ධුරයේ රොෂාන් රණසිංහ වැඩ භාරගනියි

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිට දී වැඩ භාර ගත්තේය.

කොළඹ පිහිටි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ දී මෙම වැඩ භාර ගැනීමේ උත්සවය පැවැත්විණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍යංශ වගකීම් සඳහා මුලපිරුවේය. අන්‍යාගමික නායකයෝ ද මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉදිරි කටයුතු සඳහා සුබ ප්‍රාර්ථනා එක් කළහ.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.