දීවයිනේ ග්‍රාමීය ක්‍රීඩාංගන නවීකරණය කරන ගමට පිටියක් ජාතික ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
ඒ අනුව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තෝරා ගත් එක් ක්‍රීඩාංගනයක් බැගින් නවීකරණය කෙරේ. එක් ක්‍රීඩාංගනයක් වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 15කි. ඒ අනුව ක්‍රීඩාංගන 332ක් තොගෙන තිබෙන අතර ඒවා නවීකරණයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500කි.
සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර රට හදන සෞග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජව සම්පන්න පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
තවද කලම්බෝ ගැසට් අප කල විමසීමට පිළිතුරු දෙමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වයට පත් කල දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධ සිද්ධිය පිළිබඳ තමන් වාර්තාවක් කැඳවා ඇති බවද කුමන පාර්ශවයකින් අතපසුවීමක් සිදුවූයේදැයි එහිදී විමසා බැලෙන බවද අමාත්‍යවරයා පැවුවේය.