යාපනය මණියම්තෝට්ටම් ප්‍රදේශයේ මාස 8ක බිළිඳෙකුට වේවැලකින් අමානුෂික ලෙස පහර දුන් මව අත්අඩංගුවට ගෙන ඇත.
23 හැවිරිදි කාන්තාවක් වන ඇයගේ ස්වාමිපුර්ෂයා විදෙස්ගතව රැකියාවක නියුතු වේ.
එම කාන්තාව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් නල්ලූර් ප්‍රාදේශීය සහා නිලධාරීන් හා යාපනය පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකු ගොස් අදාළ කාන්තාව අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
බිළිඳා ද අද දිනයේ පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් කාන්තාව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.